ඇල්ල ඔඩිසි ටිකට් චෝදනාව ගැන සීඅයිඩී විමර්ශන

157

ඇල්ල “ඔඩිසි” දුම්රියෙන් ගමන්ගන්නා මගීන්ගෙන් ටිකට් පත් සඳහා රුපියල් 36,000 බැගින් අයකර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම දුම්රියෙන් ගමන් කිරීම සඳහා පෞද්ගලික ආයතනයක් විසින් අන්තර්ජාලය හරහා එක් මගියෙකුගෙන් ඇමරිකන් ඩොලර් 99.99 කට (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 36,000 ක) පමණ මුදලක් අයකර ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට උත්සාහ දරන බවට චෝදනා එල්ල වී තිබිණි.

එම වෙන්කිරීම් අනුව නියමිත වේලාවට කොළඹ කොටුවෙන් දුම්රිය ආරම්භ නොකර ප්‍රමාද කර දුම්රිය ධාවනය කිරීමේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවන්නේ දැයි විමර්ශනයක් කරන ලෙස ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

මේ සම්බන්ධයෙන් අද (06දා) දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment