ඇවන්ගාඞ් සභාපති සහ පවුලේ අය රටින් පිටවෙලා

643

ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාපති මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඊයේ (4දා) උදෑසන  කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක සහ ආරක්‍ෂක කැමරා පද්ධතිය අවුල් සහගත තත්ත්වයකට පත් ව තිබී ඇති අතර, එම අවස්ථාවේ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය ඔස්සේ අදාළ ගුවන් යානය වෙත පිවිසීමට කටයුතු කර තිබේ. මෙම සිදුවීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ආරක්‍ෂක අංශ ද මේ වනවිට පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

 

advertistmentadvertistment
advertistmentadvertistment