ඇවෙන්ඩ්රා ප්‍රහාරයේදී  වෙඩි වැදී සිසුවෙක් මියයයි – ගිහින් තියෙන්නේ මස්සිනාට මොකද වුණේ කියලා හොයන්න

1579

මීගමුව ඇවෙන්ඩ්රා සුපිරි හෝටලයට ප්‍රහාර එල්ල වෙමින් තිබෙන අවස්ථාවක තම සොහොයුරියගේ සැමියා (මස්සිනා) සොයා යමින් සිටි 19 හැවිරිදි සිසුවෙක් වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුරදී ජීවිතක්‍ෂයට පත්විය.

ඇවෙන්ඩ්රා ප්‍රහාරයේදී  වෙඩි වැදී සිසුවෙක් මියයයි - ගිහින් තියෙන්නේ මස්සිනාට මොකද වුණේ කියලා හොයන්න

පසුගිය දිනවල රටේ සිදුවූ උණුසුම් සිද්ධීන් හමුවේ වෙඩිවැදී මියගිය දෙවැනි මරණය මෙයයි.

එම සුපිරි හෝටල් පරිශ්‍රයේදී හිසට එල්ල වූ වෙඩි පහරින් මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ කටාන කල්දේරාවත්තේ පදිංචිව සිටි 19 හැවිරිදි විතානගේ ශෙහාන් උදයංග ප්‍රනාන්දු නමැති සිසුවාය.

මරණ පරීක්‍ෂණය මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා හමුවේ මීගමුව දිස්ත්‍රික් මහරෝහලේදී පැවැත්විණි. 9 දා ඔහුගේ හිසට එල්ල වූ වෙඩි පහරින් ඔහු අසාධ්‍ය තත්ත්වයට පත්ව මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවිය.

මෙම මරණය සම්බන්ධයෙන් කටාන පොලිසිය සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ සිසුවා තම සොහොයුරියගේ සැමියා (මස්සිනා) පිළිබඳ සොයාබැලීමට පැමිණි අවස්ථාවේ ඔහු මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවූ බවය.

මෙහිදී සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට මීගමුව මහරෝහලේ අධිකරණ විශේෂඥ වෛiවරයාට යොමුකළ වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව අධිකරණය වෙත යොමු කිරීමට නියෝග කළේය. කටාන පොලිසියේ පො.කො. උදය කුමාර මහතා පැමිණිල්ල මෙහෙයවීය.

මීගමුව සමූහ – විමල් කීර්ති
 

advertistmentadvertistment
advertistmentadvertistment