ඇසට්ලයින් ෆිනෑන්ස් දැන් කළුතර නගර මධ්‍යයට

44
ඇසට්ලයින් ෆිනෑන්ස් අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අශාන් නිස්සංක මහතා විසින් නව පරිශ්‍රයේදී ඇසට්ලයින් කළුතර ශාඛාව පීත්ත පටිය කපා විවෘත කළ අයුරු.

කළුතර සහ අවට ගනුදෙනුකරුවන්ගේ පහසුව තවදුරටත් තහවුරු කරමින් ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් කළුතර ශාඛාව නගරයට සමීපව අංක 425, ගාලු පාර, උතුරු කළුතර යන නව ස්ථානයේදී පසුගියදා විවෘත කළේය.

නව මුහුණුවරකින් මෙසේ විවෘත කෙරුණු ශාඛාව හරහා දැන් කළුතර සහ අවට ගනුදෙනුකරුවන්ට සුපුරුදු ඇසට්ලයින් සුහදශීලී මූල්‍ය විසඳුම් පෙර තිබුණු මට්ටමටත් වඩා ඉහළින් ලබා ගැනීමේ හැකියාව ඇත.

ගනුදෙනුකරුවන්ට වඩාත් සමීප නව ස්ථානයකට ගෙන යන ලද කළුතර ශාඛාව ඇසට්ලයින් ෆිනෑන්ස් ලිමිටඩ් අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අශාන් නිස්සංක මහතා විසින් විවෘත කළ අතර ඇසට්ලයින් ෆිනෑන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් ද සිල්වා සහ ඩේවිඩ් පීරිස් සමූහයේ නිලධාරීන් මෙන්ම ගනුදෙනුකරුවන් මෙම අවස්ථාවට එක්විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇසට්ලයින් ෆිනෑන්ස් අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී අශාන් නිස්සංක මහතා මෙසේ පැවසුවේය. “මේ වන විට ඇසට්ලයින් ෆිනෑන්ස් තම ගනුදෙනුකරුවන්ට ලබා දෙන මූල්‍ය සේවාවන් ශාඛා වැඩිදියුණු කිරීම හරහා තව තවත් සමීප කරවීමට හැකිවී තිබෙනවා. විශේෂයෙන්ම අපි කළුතර නගරය ආසන්නයට පැමිණියේ අපගේ සේවාවන් වඩාත් පහසුවෙන් කාර්යක්ෂමව අපගේ ගනුදෙනුකරුවන්ට ලබාදීමේ අරමුණින්. එමගින් ගනුදෙනුකරුවන් අප කෙරෙහි මෙතෙක් කල් තැබූ විශ්වාසය තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙන්ම පුළුල් පරාසයක් තුළ සේවා ලබා දීමට අපි බලාපොරොත්තු වනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment