ඇසළ පෙරහැරට සූදානම් වන කතරගම වාසනා හස්තියා බැඳි ගසින් මුදාහැරේ

628

කතරගම දේවාලයේ ඇසළ මාසයේ පැවැත්වෙන පෙරහැර මංගල්‍යයන්වලදී අවුරුදු 25 ක් පුරා දෙවියන් වැඩම වන්නේ වාසනා හස්තියායි. මේ නිසා වාසනා හස්තියාටත් දැඩි සත්කාර බුහුමන් හිමිවෙයි.

රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා මාස 04 ක කාලයක් සිට ගස් බැඳ තබා තැබීමෙන් පසුව සුබ මොහොතින් බඳින ලද යදම් වැල්වලින් මුදවා කඳ සුරිඳුගේ පෙරහැර මංගල්‍යය සඳහා සුදානම් කරවනු ලබන්නේ අපුරු චාරිත්‍ර විධි අනුගමනය කරමින්ය.

මෙම අවස්ථාව ඉතාම අලංකාරවත්ව සිදු කරනුයේ මඟුල් ගෙදරක සිරියක් මවා පාමින්ය. අලි ඇතුන්ට වසරකට වරක් වැළඳෙන මද කිපීමේදී ඇතා මාස කීපයක් ගසක බැඳ දමා සාත්තු සප්පායං කරමින් රැක බලා ගන්නා බව වාසනා හස්තියා රැක බලා ගන්නා ඇත් ගොව්වා වන අජිත් අසෝක ලියනගේ මහතා පැවසීය. පෙරේදා (06 දා) උදෑසන සුබ මොහොතින් ඇතා ගසින් ලිහන අවස්ථාවේදී කතරගම කිරිවෙහෙර විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පැමිණ සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් පැන් ඉස ඇතාට ආශිර්වාද කරනු ලැබීය. මෙම අවස්ථාවට රුහුණු මහා කතරගම දේවාලයේ කපුමහතා වන සරත් සේපාල ටී. රත්නායක, බස්නායක නිළමේ පරිපාලන ලේකම් විමලරත්න ලියන ආරචිචි යන මහතුන් එක්විය.

කතරගම – සහන් දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment