ඇසළ පෙරහැර සංදේශය අද ජනපතිට පිළිගන්වයි

487

අද (23 දා) පස්වරුවේ මහනුවර ඇසළ මහා මංගල්‍යය අවසන්වීමෙන් පසුව ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප‍්‍රමුඛ බස්නායක නිලමේවරු මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බැහැදකිති.

නිලමේවරුන් පෙරහරින් ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බැහැදකින්නේ මෙවර ඓතිහාසික ඇසළ මහා පෙරහර සාර්ථක ලෙස අවසන් කළ බව සඳහන් පෙරහර සංදේශය පිළිගැන්වීමටය.

දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මහතා විසින් පෙරහර සංදේශය චිරාගත සම්ප‍්‍රදායානුකූලව ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබේ.

අලූයම මහවැලි ගැටඹේ තොටේදී දිය කැපුම් මංගල්‍යය පැවැත්වෙයි. පස්වරුවේ දවල් පෙරහර වීදි සංචාරය කරයි.

මහනුවර අස්ගිරිය ගෙඩිගේ විහාර මළුවෙන් පස්වරු 1.42ට පිටත්වන දවල් පෙරහරට දියකැපුම් මංගල්‍යය නිමාකොට ගමන් කරන සිව් දේවාල පෙරහර මහනුවර මහ නගර සභා මංසන්දියේදී ඒකාබද්ධ වී ඞී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය සහ රජවීදියේ තෙවරක් ගමන්කොට පස්වරු 3.30ට පමණ ගෙවදීමට නියමිතයි.

එලෙස පෙරහර ගෙවදීමෙන් පසු නිලමේවරු මහනුවර ජනාධිපති මන්දිරය කරා පෙරහරින් ගමන් කරති.

සිරිල් විමලසුරේන්ද
 

advertistmentadvertistment
advertistmentadvertistment