ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් ලක්‍ෂ 6ක් ගැන ජනපතිට බලාපොරොත්තුවක්

197

ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් මාත‍්‍රා ලක්ෂ 06ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග‍්‍රාමාත්‍ය යොෂිහිඬේ සුගා මහතාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප‍්‍රතිචාර හිමි වී තිබේ.  ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අතර ඊයේ (09 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේදී මේ බව සඳහන් කෙරිණ.
 
 කොවිඞ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද ජපාන රජයේ එකඟතාව පළ වී තිබේ. සමුද්‍රීය අනතුරු පිළිබඳ ඉක්මන් ප‍්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීම කෙරෙහි ද ජනාධිපතිවරයා ජපාන තානාපතිවරයාගේ අවධානයට යොමු කළේය.
 
 ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හා අමාත්‍ය කිතමුරා තොෂිහිරො, පළමු ලේකම් ඉමමුරා කායෝ , ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment