ඇස්ට‍්‍රාසෙනිකා මීළග තොගය සෙනසුරාදා දිවයිනට – ජපාන තානාපති කියයි

874

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජපාන අග‍්‍රාමාත්‍ය යොෂිහිඩෙ සුගා මහතාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට‍්‍රාසෙනිකා මීළ`ග එන්නත් තොගය ලබන සෙනුසරාදා (07) දිවයිනට රැුගෙන ඒමට නියමිත බව ජපාන තානාපති අකිරා සුගියාමා මහතා පැවසීය.

 පසුගිය සෙනසුරාදා (ජූලි 31) පස්වරුවේ රැුගෙන ආ ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් තොගය ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදෙමින් ජපාන තානාපතිවරයා මේ බව පැවසීය.

 මෙරට ජනතාවගේ ඇස්ට‍්‍රාසෙනිකා දෙවන මාත‍්‍රාවේ අවශ්‍යතාව වෙනුවෙන් ජනාධිපතිවරයා ජපාන අග‍්‍රාමාත්‍යවරයාගෙන් පෞද්ගලිකවම කළ ඉල්ලීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් හා දෙරට අතර පවතින දිගුකාලීන මිත‍්‍රත්වය සනිටුහන් කරමින් ජපාන අග‍්‍රාමාත්‍යවරයා විසින් මෙම එන්නත් මාත‍්‍රා මිලියන 1.456 ක තොගය මෙරටට ලබාදීමට තීරණය කළ බව අකිරා සුගියාමා මහතා සඳහන් කළේය.

 එහි පළමු තොගය ලෙස එන්නත් මාත‍්‍රා 728,460 ක් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ ඹඛ 455 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබිණ. පෙරේදා (01) සිට බස්නාහිර පළෘතේ තෝරාගත් මධ්‍යස්ථාන වලදී මෙම ඇස්ට‍්‍රාසෙනිකා දෙවන මාත‍්‍රාව එන්නත් කිරීම ආරම්භ කෙරිණි.

 එන්නත් තොගය ලැබී පැය කිහිපයක් ඇතුළත එන්නත්කරණයට යෙදවීම හා ශ‍්‍රී ලංකාවේ සමස්ත එන්නත්කරණ වැඩපිළිවෙළත් ඊට ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත් වීම මෙහෙයවීම සහ ලබාදෙන නායකත්වය ජපාන තානාපතිවරයාගේ හා ලෝක සෞඛ්‍ය සහ යුනිසෙෆ් සංවිධානවල මෙරට නියෝජිතයින්ගේ විශේෂ පැසසුමට ලක් විය.

 පසුගිය මැයි මාසයේ තමා පෞද්ගලිකවම ජපාන අග‍්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප‍්‍රතිචාර දක්වමින් ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් තොගය පරිත්‍යාග කිරීම පිළිබඳ ජනාධිපතිතුමා රජයේත්, ශ‍්‍රී ලංකා ජනතාවගේත් විශේෂ ස්තුතිය ජපාන අග‍්‍රාමාත්‍යවරයාට, ජපාන රජයට සහ ජපාන තානාපතිවරයාට පළ කළේය.

 ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිත අලකා සින්ග්, යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත එමා බි‍්‍රගම්, ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් විහාරු හෝෂිආයි, දෙවන ලේකම් සෙයියා කිනෝමියා, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

http://divaina.lk/login

advertistmentadvertistment
advertistmentadvertistment