ඇස්ට‍්‍රාසෙනෙකා මාත‍්‍රා දෙකේ පරතරය වැඩි වූ තරමට ප‍්‍රතිදේහ ජනනයත් ඉහළට

227

චතුර පමුණුව
 
ඇස්ට‍්‍රාසෙනෙකා එන්නතෙහි මාත‍්‍රාවන් දෙකක් සති 44-45 අතර කාලයකදී ලබා දීම මගින් එන්නත සති 8-12 අතර පරතරයකින් ලබා දීමට වඩා හතර ගුණයක ප‍්‍රතිදේහ ප‍්‍රමාණයක් ජනනය කළ බව එම එන්නත නිපදවන්නන් වන ඔක්ස්ෆර්ඞ් එන්නත සමූහයේ සඳුදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.
 
 එසේම පළමු එන්නතෙන් සති 15-25 අතර දෙවන එන්නත ලබා ගත් එන්නත් කණ්ඩායමේ ප‍්‍රතිදේහ මට්ටම, සති 8-12 අතර කාලපරාසය තුළ ලබා දුන් අයට ප‍්‍රතිදේහ මට්ටම මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව පරීක්ෂණ වලින් හෙළිව තිබේ.
 
 මෙම වාර්තාව හින්දු පුවත්පත මගින් හෙළි කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment