ඇසින් දුටු සාක්ෂියක් අරන් මවක් පොලිසියට ඇවිත්

423

වැටීමකින් හිසට තුවාල සිදුව ඇති බවට සඳහන් කරමින් රෝහල්ගත කර සිටියදී  මියගිය සිය පුතාගේ මරණය පහරදීමකින් වූවක් බවට ඇසින් දුටු සාක්ෂි ඇති බවත් එයට සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා හඬාවැටුණ මවක් කරන ලද පැමිණිල්ලක් අනුව තෙබුවන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 
කාලිමුත්තු ගුණමදී නමැති තෙබුවන ක්ලයිඞ් වත්තේ පදිංචි කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 
පැමිණිලිකාර කාන්තාවගේ පුතු වන කාලිමුත්තු බාල ක‍්‍රිෂ්ණන් යන අය ඉකුත් 24 දා වැටීමකින් හිසට තුවාල සිදුව ඇති බවට සඳහන් කරමින් රෝහල්ගත කර සිටියදී මියගොස් ඇතැයි රෝහල් ප‍්‍රකාශකයකු පැවසීය. ඒ අනුව මරණ පරීක්ෂණය සිදු කිරීමට යෑමේදී තම පුතුට තවත් පුද්ගලයකු පොල්ලකින් පහරදුන් බවට ඇසින් දුටු සාක්ෂියක් ඇති බවට පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි. තවත් පුද්ගලයකු පොල්ලකින් පහරදෙන අයුරු ඇසින් දුටුවේ යැයි කියන පුද්ගලයාගෙන් ප‍්‍රකාශ ලබාගෙන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව මතුගම අධිකරණයට කරුණු වාර්තා කරන බව තෙබුවන පොලිසිය කියයි. තෙබුවන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
 
ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment