ඇළක අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළසිරුරක්

265

යක්කලමුල්ල මිනුවන්දෙණිය පොල්ගහගොඩ ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී අභිරහස් ලෙස මියගොස් සිටි නාඳුනන කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.

මෙකී කාන්තාව වයස අවුරුදු 35ක් පමණ වියැති රූමත් කාන්තාවක් වන අතර ඇය කළුපැහැති සායකින් හා රතු පැහැති හැටිටයකින් සැරසී සිට ඇති බව පොලිසිය පවසයි. මෙකී කාන්තාවගේ මළ සිරුර හමුවී ඇති ප්‍රදේශය පාලු ප්‍රදේශයක් වන අතර කාන්තාවගේ ගෙල ප්‍රදේශය කබරුන් විසින් කාදමා තිබී ඇත. මෙකී කාන්තාවගේ මළ සිරුර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට ඇති අතර මළ සිරුර හඳුනා ගැනීම සඳහා යක්කලමුල්ල පොලිසිය මහජන සහාය පතයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment