ඇෆ්ගන් අද දිනුවොත් සුපිරි වටයට – ශ්‍රී ලංකාවටත් වාසියි

406

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

ආසියානු කුසලාන ක්‍රිකට්  තරගාවලියේ ශ්‍රී ලංකාව තරග වදින ‘බී’ කාණ්ඩය යටතේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (30 වෙනිදා) සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සමග පැවැති තරගයෙන් ජය ගත් ඇෆ්ගනිස්තානය මෙම තරගයෙන් ද ජය ගත හොත් ඔවුන් ‘බී’ කාණ්ඩයේ පළමුවෙනියා ලෙසින් සුපිරි හතර දෙනාගේ වටයට සුදුසුකම් ලබනු ඇත.

එසේ වුවහොත් පළමු තරගය පරාජයට පත් වූ ශ්‍රී ලංකාවට සුපිරි හතර දෙනාගේ වටය සඳහා ප්‍රවේශ වීමට නම් බංග්ලාදේශය සමඟ තරගය ජයග්‍රහණය කිරීම පමණක් ප්‍රමාණවත් වේ.

එහෙත් බංග්ලාදේශය

ඇෆ්ගනිස්තානයට එරෙහිව තරගය ජය ගත් හොත් ශ්‍රී ලංකාවට සුපිරි හතර දෙනාගේ වටයට පිවිසීමට නම් එම තරගය ජය ගෙන ඉතා ඉහළ ශුද්ධ ලකුණු වේගයක්ද රඳවා ගැනීමට අවශ්‍ය වේ.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම මොහොමඩ් නබී විසින් ද බංග්ලාදේශ කණ්ඩායම සකීබ් අල් හසන් විසින්ද මෙහෙයවනු ලබති.

කුෂාන් සුබසිංහ ඩුබායි සිට
 

advertistmentadvertistment
advertistmentadvertistment