ඇෆ්ගන් ආරක්‍ෂක ඇමැති නිවස ඉදිරිපිට පුපුරා ගිය බෝම්බයකින් 08 දෙනෙක් මරුට

301

ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් නගරයේ පිහිටි එරට ආරක්‍ෂක ඇමති බිස්මිල්ලා ඛාන් මොහොමඞ්ගේ නිවස ඉදිර්පිට පෙරේදා (03දා *රාත‍්‍රියේ සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 08 දෙනකු මිය ගොස් තිබේ.දැඩි ආරක්‍ෂක රැුකවල් මධ්‍යයේ තිබෙන ආරක්‍ෂක ඇමති මොහොමඞ්ගේ නිවස ඉදිරිපිට නවතා තිබු මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පුපුරවා හැරීමෙන් මෙම ව්‍යසනය සිදු කර ඇත්තේ තලිබාන් අන්තවාදීන් විසිනි.

 මෝටර් රථයේ අටවා තිබූ බෝම්බය පුපුරවා හරින අවස්ථාවේදී ආරක්‍ෂක ඇමතිවරයා නිවසේ සිට නොමැති අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරුපද්‍රිතව නිවසෙන් ඉවත් කිරීමට ආරක්‍ෂක අංශ විසින් පියවර ගෙන තිබේ .බෝම්බය පුපුරවා හැරීමත් සමගම අන්තවාදී වෙඩික්කරුවන් නිවස වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති අතර ඔවුන්ගෙන් සිවුදෙනකු ආරක්‍ෂක හමුදාවන් විසින් වෙඩි තබා මරා දමා තිබේ .වසරකට ආසන්න කාලයකින් කාබුල් නගරයේ තලිබාන් අන්තවාදීන් විසින් එල්ල කරන ලද ප‍්‍රථම බෝම්බ ප‍්‍රහාරය මෙය වන අතර තවත් රජයේ නිලධාරීන් වෙත ප‍්‍රහාර එල්ල කරන බවට අන්තවාදීන් විසින් ප‍්‍රකාශ කර තිබේ .


advertistmentadvertistment
advertistmentadvertistment