ඇෆ්ගන් ආර්ථිකය යළි ගොඩගන්න රුසියාව ධනවත් රටවල සහාය ඉල්ලයි

202

තලිබාන් අන්තවාදීන් විසින් පාලන බලය අල්ලා ගනු ලැබූ ඇෆ්ගනිස්ථානයේ බිඳ වැටී ඇති ආර්ථිකය නැවත ගොඩනැ`ගීම සඳහා ජාත්‍යන්තර සමුළුවක් පැවැත්විය යුතු බවට රුසියාව විසින් යෝජනා කර තිබේ. මෙම අදහස තහවුරු කරමින් රුසියාවේ රාජ්‍ය රූපවාහිනි සේවාවට ප‍්‍රකාශයක් කර ඇති එරට සිටින ඇෆ්ගනිස්ථානයේ නේවාසික නියෝජිත සමීර් කබුලොව් කියා ඇත්තේ ලොව පුරා පිහිටි සෑම ධනවත් රටක්ම නව ඇෆ්ගන් රජයේ නියෝජිතයන් හමුවී රටේ ආර්ථික හා සමාජයීය ප‍්‍රතිසංස්කරණයන් කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා පැවැත්විය යුතු බවයි.

 මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය විසින් තහනම් කර ඇති ඇෆ්ගන් මහ බැංකුවේ වත්කම් නිදහස් කිරීමට පියවර ගත යුතු බවද රුසියාව විසින් පවසා තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් තලිබාන් අන්තවාදීන් විසින් ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගත් පසු ඇෆ්ගන් මහ බැංකුවේ වත්කම් තහනම් කරන ලද අතර ලෝක බැංකුව හා ජාත්‍යනතර මූල්‍ය අරමුදල විසින් ඇෆ්ගනිස්ථානය වෙත ලබා දෙන මූල්‍ය ආධාර නතර කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment