ඇෆ්ගන් කාන්තාවක් ඇමෙරිකානු ගුවන් යානයකදී දරුවකු ප‍්‍රසූත කරයි

496

ඇෆ්ගනිස්ථානයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්ත්වය මධ්‍යයේ ඇමෙරිකානු යුද ගුවන් යානයකින් ජර්මනියට රැුගෙන ගිය ඇෆ්ගන් ජාතික ගැබිනි කාන්තාවක් විසින් ඊයේ (22 දා) එම ගුවන් යානයේදීම සිය දරුවා ප‍්‍රසූත කර තිබේ. ජර්මනියේ රැම්ස්ටයින් ගුවන් හමුදා කඳවුර වෙත මුදාගත් ඇෆ්ගන් ජාතිකයන් පිරිසක් ගෙන ගිය ගුවන් යානයක මෙම දරු ප‍්‍රසූතිය සිදු වූ බව ඇමෙරිකානු ගුවන් හමුදා බළකාය විසින් පලකර ඇති ට්විටර් පණිවිඩයක සඳහන් කර තිබේ.

 මෙම කාන්තාව දරු ප‍්‍රසූතිය සිදු කර ඇත්තේ ජර්මනියේ ගුවන් හමුදා කඳවුර වෙත යානය ගොඩබැස්වීමෙන් අනතුරුව වන අතර එම ප‍්‍රසූතිය සඳහා ගුවන් යානය ගොඩ බැස්වීමෙන් පසුව එයට ඇතුළු වූ වෛද්‍ය කණ්ඩායමක් විසින් සහාය වී තිබේ. මව හා දරුවා වෛද්‍ය මධ්‍යස්ථානයක සුවෙන් පසුවන බව අදාළ ටිව්ටර් පණිවිඩයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment