ඇෆ්ගන් කාන්තාවන්ගේ මානව හිමිකම් අහිමිවේ

257


ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් එරට කාන්තා අයිතිවාසිකම් අහිමිකර ඇතැයි දෙවන ඇෆ්ගනිස්තාන කාන්තා නායකයින්ගේ සංසදය සහ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවය විසින් චෝදනා කරයි.එරට කාන්තාවන්ට සිරුර මුළුමනින්ම ආවරණයවන පරිදි බුර්කාව ඇඳීමට නියම කිරීම මගින් ඔවුන්ගේ මානව හිමිකම් සීමාකර ඇතැයිදඑම සංවිධාන පවසයි.බුර්කාව යනු ඇෆ්ගනිස්තාන කාන්තාවන්ගේ දුක්ඛිත තත්ත්වය පෙන්වන සංඛේතයක් බවට පත්ව ඇතැයිද පවසයි.2021 වසරේ අගෝස්තු මස ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන් සංවිධානය යටතට පත්වී මාස 09ක් ගතවී ඇතත් කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකරන බවට තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුහජාදීන් දුන් පොරොන්දුව පොරොන්දුවකට පමනක් සීමාවී ඇතැයි ද කාන්තා නායකයින්ගේ සංසදය පවසයි.ඇෆ්ගනිස්ථානයේ මිලියන 40ක ජනතාවගෙන් හරි අඩක් පමණ කාන්තාවන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment