ඇෆ්ගන් ජාතිකයන්ගේ පැමිණීමට එරෙහිව නෙදර්ලන්තයේ විරෝධතා

325

තලිබාන් අන්තවාදීන් විසින් ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගැනීමෙන් පසු එරටින් පැන ආ ඇෆ්ගන් ජාතිකයන්ගේ පැමිණීමට එරෙහිව නෙදර්ලන්ත ජාතිකයන් පිරිසක් විසින් ඉකුත් 24දා දිනයේ සාමකාමී උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

 උට‍්‍රකේට් නගරයේ හාර්ස්කැම්ප් ගම්මානයේ පිහිටි හමුදා කඳවුරක් ඉදිරිපිට 250ක් පමණ දෙනාගේ සහභාගිත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණය පසුව පොලිසිය මැදිහත් වී විසුරුවා හැර තිබේ.

 උද්ඝෝෂණයට සහභාගී වූ තරුණ පිරිස් දේශාභිමානී ගීත ගයමින් හා ඇෆ්ගන් ජාතිකයන් නෙදර්ලන්තයේ රැකවරණය පතා පැමිණීමට එරෙහි බැනර් ප‍්‍රදර්ශනය කරමින් ටයර්වලට ගිනි තබමින් උද්ඝෝෂණයේ යෙදීම නිසා එය පොලිස් සුනඛයන් යොදා විසුරුවා හැරීමට පොලිසිය විසින් පියවර ගෙන තිබේ. මෙහිදී කිසිදු උද්ඝෝෂකයකු අත්අඩංගුවට නොගත් බව පොලීසිය පවසයි. ඇෆ්ගන් ජාතිකයන් 800 දෙනෙකු එදින රාත‍්‍රියේ නෙදර්ලන්තයට පැමිණි අතර ඔවුන් එදින රාත‍්‍රියේ නවාතැන් ගත් හමුදා කඳවුර ඉදිරිපිට මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

advertistmentadvertistment
advertistmentadvertistment