ඇෆ්ගන් රූපවාහිනි නිවේදිකාවන්ට මුහුණ ආවරණය කර වැඩසටහන් ඉදිරිපත් කිරීමට නියෝග

354

ඇෆ්ගනිස්ථානයේ බලයට පත්ව සිටින තලිබාන් සංවිධානය විසින් රූපවාහිනි ආයතනවල වැඩසටහන් ඉදිරිපත් කරන හා ප්‍රවෘත්ති නිවේදනයෙහි යෙදෙන සියලු කාන්තාවන් එසේ රූපවාහිනියේ පෙනී සිටීමේදී මුහුණ ආවරණය කරගත යුතු බවට නියෝග කර තිබේ.

තලිබාන් පාලකයන් විසින් කාන්තා රූපවාහිනි නිවේදිකාවන් සඳහා මෙම නියෝගය කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ සියලු කාන්තාවන් පොදු ස්ථානවලට යෑමේදී මුහුණ සම්පූර්ණයෙන් ආවරණය කරගත යුතු බවට නියෝග කර සති දෙකක කාලයක් ගත වූ පසුය. ඉකුත් වසරේ පාලන බලයට පත් වීමෙන් පසු තලිබාන් පාලකයන් විසින් මෙයට පෙර ඔවුන් විසින් ඇෆ්ගන් කාන්තාවන්ට එරෙහිව පනවා තිබූ සීමාවන් ක්‍රමයෙන් නැවත පැනවීමට පියවර ගනිමින් සිටින අතර මේ යටතේ කාන්තාවන්ට සිය නිවසේ පිරිමියකු සමග හැරෙන්නට මහා මාර්ගයේ තනිවම ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. තවද එරට උසස් අධ්‍යාපනය ලබා දෙන පාසල්වලට ගැහැණු දරුවන් ඇතුළු කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවද වාර්තා වී තිබේ. අලුතින් රුපවාහිනි නිවේදිකාවන් සඳහා පනවා ඇති මුහුණ ආවරණය කර වැඩසටහන් ඉදිරපත් කිරීමේ නියෝගය හරහා කාන්තාවන් රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කිරීම වැළැක්වීමට තලිබාන් පාලකයන් විසින් වක්‍ර අයුරින් ක්‍රියා කරන බව පෙනී යන බව බටහිර පුවත් ආයතනයකට පවසා ඇති නම හෙළි නොකළ ඇෆ්ගන් රූපවාහිනි නිවේදිකාවක් පවසා ඇත්තේ මෙම නව නියෝගය දැනගැනීමට ලැබීමෙන් තමන් දැඩි සේ කම්පනයට පත් වූ බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment