ඇෆ්ගන් සිසුන්ට ඉන්දියාවෙන් කොළ එළියක්

260

ඉන්දීය උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබන ඇෆ්ගනිස්ථාන සිසුන්ට සිය අධ්‍යාපන කටයුතු අවසන් කරගැනීම සඳහා ඉන්දියාවට යාම සඳහා වීසා ලබා දෙන ලෙස ඇෆ්ගනිස්ථාන රජය දෙවරක් කළ ඉල්ලීම සලකා බැලීමට ඉන්දීය රජය තීරණය කර ඇත.ඒ අනුව ඇෆ්ගන් සිසුන්ට ඉන්දියාවට ගොස් සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට හැකි වනු ඇත.පසුගිය අගෝස්තු මාසයේ සිට ඉන්දියාව ඇෆ්ගනිස්ථානයට වීසා ලබා දීම අවලංගු කර තිබුණි.ඇෆ්ගනිස්තාන සිසුන් 2500ක් පමණ ඉන්දීය උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙනුම ලබති.

advertistmentadvertistment
advertistmentadvertistment