ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව එරට ජනතාව බලාගත යුතුයි

207

ඉතිරිව සිටින ඇමරිකානු හමුදාව අගෝස්තු 31 දා ඇෆ්ගනිස්තානයෙන් පිටව යන බව ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ප‍්‍රකාශ කර ඇත. ධවල මන්දිරයේදී ප‍්‍රකාශයක් කළ බයිඩන් ඇෆ්ගන් ජනතාව ඔවුන්ගේ කටයුතු බලාගත යුතු බවත් ඇමරිකානු හමුදාවේ මීළ`ග පරපුර ඇෆ්ගනිස්තානයට යවන්නේ නැති බවත් කීවේය.

මේ වනවිට ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ඇමරිකානු තානාපති කාර්යාලයට 650ක ඇමරිකානු භට පිරිසක් ආරක්ෂාව සපයන බව ද ජනපති බයිඩන් සඳහන් කළේය. ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීම ගැන විවේචන එල්ල වීම ගැන පැවසූ ජනපති බයිඩන් ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව සඳහා ඇමරිකානු දූ පුතුන් බිලිදිය නොහැකි බව පළ කළේය.

සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment