ඇෆ්ගනිස්තානයේ තත්ත්වය ගැන ඉන්දියාව අවධානයෙන් – ඉන්දීය මාධ්‍ය කියයි

172

ඇෆ්ගනිස්තානයේ උද්ගත වී ඇති වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සමඟ නිරන්තරව තම රට අවධානයෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් මහතා සහ ඉන්දියාවේ විදේශ ඇමැති එස්. ජයශංකර් මහතා අතර මේ පිළිබඳ දුරකථන සාකච්ඡුාවක් පෙරේදා ද පැවැත්වී ඇත.

 එමෙන්ම ඉන්දීය බලධාරීන් සහ ඇමරිකා එක්සත් ජනපද බලධාරීන් අතර ඒ සම්බන්ධයෙන් නිරන්තර සාකච්ඡුා පවතින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට අපේක්ෂා කරන ඉන්දීය ජනතාවට මෙන්ම සුළු ජාතීන්ටද ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතු බව ඉන්දියාවේ මතය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment