ඇෆ්ගනිස්තානයේ  බිහිසුණු භූ චලනයක් – 950ක්  මරුට – 600කට තුවාල

211

භූ චලනය රිච්ටර් මාපකයේ  6.1ක් ලෙස සටහන් වෙයි
 
 ඇෆ්ගන් ප්‍රථමාධාර සේවාව දක්වන්නේ මියගිය සංඛ්‍යාව වැඩි වන බවයි
 
 මීට පෙරද ඇෆ්ගනිස්තානයේ භූ චලන රැසක් සිදුවී ඇත
 
 භූ චලනය සිදුවූයේ කිලෝමීටර් 51ක් යට බව වාර්තා වී ඇත

ඇෆ්ගනිස්තානයේ  බිහිසුණු භූ චලනයක් - 950ක්  මරුට - 600කට තුවාල

ඇෆ්ගනිස්තානයේ කොස්ට් නගරය ආශ්‍රිත ප්‍රදේශයේ ඊයේ අලුයම සිදුවූ භූ චලනයෙන් 950කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත්වූ අතර 600 ක් පමණ තුවාල ලබා ඇත. මෙය රිච්ටර් මාපකයේ 6.1 ක් ලෙස සටහන් වූ බව ඇමරිකානු භූ චලන ආයතනය ප්‍රකාශ කළේය.

ඇෆ්ගනිස්තානයේ  බිහිසුණු භූ චලනයක් - 950ක්  මරුට - 600කට තුවාල

මෙම බිහිසුණු භූ චලනය සිදුවූයේ කිලෝමීටර් 51ක් යට බව වාර්තා වී ඇත. කොස්ට් නගරය අසල පිහිටි ප්‍රාන්ත තුනක් ද භූ චලනයට ලක්විය. එසේම පකිස්තානයේ ඉස්ලාමාබාද් සහ මුල්වාන් වැනි ප්‍රදේශවලට ද එය දැනුනු බව අනාවරණය වේ. ඇෆ්ගන් ප්‍රථමාධාර සේවාව දක්වන්නේ මියගිය සංඛ්‍යාව වැඩි වන බවයි.

 පසුගිය සිකුරාදා ඉස්ලාමාබාද් අගනුවර ද රිච්ටර් මාපකයේ 5.0 ලෙස භූ චලනයක් සිදුවී ඇත. ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට සැතපුම් 200 ක් ඈතින් මෙම භූ චලනය සිදුවී තිබේ. මෙයට පෙරද ඇෆ්ගනිස්තානයේ භූ චලන රැසක් සිදුවී ඇත.

 මෙම භූ චලනයේ කම්පන පාකිස්තානයේ ස්වැට් ප්‍රාන්තයට ද බලපා ඇත.

 ඇෆ්ගනිස්තානයේ සිදුවූ භූ චලනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ජාත්‍යන්තර සංවිධාන ඉදිරිපත් වී තිබේ. මේ අතර නිල නොවන වාර්තා දක්වන්නේ භූ චලනය සිදුවූ කෝස්ට් ප්‍රදේශය අසල කඳුකර ජනාවාසවල ද විශාල පිරිසක් මරුමුවට පත් වී ඇති බවය.

 කිර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment