ඇෆ්ගනිස්තාන තරගාවලියට නිලධාරීහු පත් කෙරෙති

554

නොවැම්බර් මස අගදී පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග නිලධාරීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව දෙරට අතර තරගාවලියේ තරග තීරකවරයා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක මඬුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරග 3 කින් සමන්විත මෙම එක්දින තරගාවලියේදී විනිසුරුවරුන් ලෙසින් නම් කර ඇති සිවුදෙනාගෙන් නිටින් මෙනන් පමණක් එකම විදෙස් විනිසුරුවරයා ලෙසින් කටයුතු කරනු ඇත. මෙනන් මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උත්තරීතර විනිසුරු මඬුල්ලේද සාමාජිකයෙක් ලෙස කටයුතු කරයි.

ඔහුට අමතරව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවන් වන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි සහ ලින්ඩන් හැනිබල් යන ශ්‍රී ලාංකේය විනිසුරුවෝ කටයුතු කරනු ඇත. දෙරට අතර එක්දින තරගාවලිය මෙම මස 25, 27 සහ 30 යන තෙදින පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment