ඇෆ්ගනිස්තාන යොවුන් පිලේ 4ක් එංගලන්තයට පැනලා

506

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා සහභාගි වූ ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සාමාජිකයින් සිව් දෙනකු නැවතත් සිය රට බලා ගොස් නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එ් අනුව ඔවුන් සිව් දෙනා දැනට එංගලන්තයේ ලන්ඩන් නුවර සිටින බවත් ඔවුන්ගේ

 සංක‍්‍රමණික වීසා බලපත‍්‍ර පසුගිය 08 වැනිදා අවසන් වීමට තිබූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

 පසුගියදා නිමාවට පත් වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිව්වැනි ස්ථානයට පත්විය. එ් අනුව තරගාවලිය නිමාවීමෙන් අනතුරුව නැවත සිය රටබලා යනවා වෙනුවට එංගලන්තයට ගිය සාමාජිකයින් අතර කණ්ඩායමේ කී‍්‍රඩකයකුද සිටින අතර ඔවුන් සිව්දෙනා මෙලෙස රැුඳී සිටින්නේ සරණාගතභාවය අපේක්ෂාවෙන්දැයි විදෙස් මාධ්‍ය සැක පළ කර සිටී.

 මෙම සිදුවීම සම්බන්ධවෙන් ඇෆ්ගනිස්තාන කි‍්‍රකට් ආයතනය ද මේ දක්වා නිල වශයෙන් ප‍්‍රකාශ කර නොමැති අතර කී‍්‍රඩකයින් ඔවුන්ගේ තීරණ ගැන නැවත සිතා බලා සිය රටට නැවත පැමිණෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ රයීස් අහමඞ්සායි පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment