ඇෆ්ගනිස්ථානයට ප්‍රහාර එල්ල කරන බවට පකිස්ථානයට චෝදනා

122

පකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලි සහ සුළුතර මුස්ලිම් ජනතාව ඉලක්ක කර අප්‍රසන්න යුද්ධයක යෙදී සිටින බව තලෙයිබාන් රජය චෝදනා කරයි. මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් සිදුකොට ඇතැයි ද එහි ආසන්නතම සිදුවීම පසුගිය සැප්තැම්බර් මාසයේ දී සිදු කර ඇති බවත් පවසයි.කාබූල්හි ෂියාම් සහ හසරාස් හි සිදුකළ එම ප්‍රහාර වලින් පුද්ගලයින් 25කට අධික පිරිසක් මරණයට පත්ව ඇත. මෙම ප්‍රහාරයන් සම්බන්ධයෙන් පකිස්ථාන තරීක් ඊ තලෙයිබාන් පකිස්ථාන් සංවිධානය වෙතද අවධානය යොමු වී ඇත.එම සංවිධානයට ඇෆ්ගනිස්ථාන තලෙයිබාන් සංවිධානයේ රැකවරණය ලැබේ.

මේ අතර ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන ගණනක් ලබා පකිස්තාන ගුවන් කලාපයේ ඩ්‍රෝන යානා මෙහෙයුම් සිදුකිරීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන නියෝජ්‍ය විදේශ ඇමැති ෂෙරී අබ්බාස් වෙත පකිස්තාන අගමැති ෂෙහාබ් ෂෙරීෆ් චෝදනා එල්ල කර තිබේ. මෙම චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී පිලිතුරු දෙමින් කියා සිටියේ ත්‍රස්ත සංවිධාන ඇෆ්ගනිස්ථානයේ සිට මෙහෙයුම් කටයුතු සිදු කරන බවය. එනිසා පකිස්ථානය තම රටේ අභ්‍යන්තර කරුණු සම්බන්ධයෙන් මැදිහත් නොවන ලෙසද ඉල්ලා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment