ඇෆ්ගනිස්ථානයට පැමිණි යුක්රේන ගුවන් යානයක් පැහැර ගත් බවට චෝදනා

313

ඇෆ්ගනිස්ථානයේ සිර වී සිටින යුක්රේන ජාතිකයන් මුදා ගැනීම සඳහා පැමිණි යුක්රේන ගුවන් යානයක් ඉකුත් ඉරිදා (22දා) ඇෆ්ගනිස්ථානයට ගොඩ බැස්වීමෙන් පසු නාඳුනන කොල්ලකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ඉරානයට රැුගෙන ගොස් ඇති බව රුසියාවේ ‘ටාස්’ ප‍්‍රවෘත්ති සේවය විසින් වාර්තා කර තිබේ. මෙහිදී පැහැරගත් යුක්රේන ගුවන් යානය මගීන් ලෙස ගුවන් යානයට නැගුනු නාඳුනන පිරිසක් විසින් පැහැරගෙන ඉරානයට රැුගෙන ගොස් ඇති බව නියෝජ්‍ය යුක්රේන විදේශ ඇමැති යෙව්ජෙනි යෙනින් පවසා තිබේ.

කෙසේ වුවද මෙසේ පැහැරගනු ලැබූ යුක්රේන ගුවන් යානයට කුමක් සිදු වූයේද හා යුක්රේන රජය එය නැවත සිය රට ගෙන්වා ගැනීමට පියවර ගන්නේද? යන්න පිළිබඳව නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැතිවරයා කිසිවක් සඳහන් කර නොතිබිණි. කෙසේ වුවද ඉරානයේ මෙන්ම යුක්රේනයේ ඉහළ නිලධාරීන් ඇෆ්ගනිස්ථානයට පැමිණි යුක්රේන ගුවන් යානයක් පැහැරගත් බවට එල්ල වී ඇති චෝදනාව ප‍්‍රතික්ෂේප කර ඇති බව ඊශ‍්‍රායලයේ පළ වන ‘යෙරුසෙලම් පෝස්ට්’ පුවත්පත විසින් වාර්තා කර තිබේ. මෙම ගුවන් යානය පැහැර ගැනීමේ චෝදනාව ප‍්‍රතික්ෂේප කර ඇති ඉරාන සිවිල් ගුවන් සේවා අධිකාරිය යුක්රේන ගුවන් යානයක් ඉරානයට පැමිණ ඉන්ධන ලබා ගෙන නැවත යුක්රේනයේ අගනුවර වන කිව් නගරයට පියාසර කළ බව පවසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment