ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් දෙස ඉන්දීය සහ ප්‍රංශ නායකයන්ගේ අවධානය

99

ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධව ඉන්දියාව සහ ප්‍රංශය දැඩි අවධානය යොමුකර ඇත.ඒ සම්බන්ධව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඇෆ්ගනිස්ථානය තුළ යළි සාමය සහ ආරක්‍ෂාව ඇති කිරීම සඳහා පූර්ණ සහාය ලබාදෙන බවය.

 ඉන්දීය අගමැතිවරයා සිය යුරෝපා සංචාරයේදී ප්‍රංශය වෙත ගිය අතර එහිදී එරට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීය.

 එහිදී ඇෆ්ගනිස්ථානය සම්බන්ධව අවධානය යොමු කරමින් සඳහන් කර ඇත්තේ එරට ස්වෛරීභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට සහය ලබාදෙන බවය. නමුත් එරට අභ්‍යන්තර කටයුතු සඳහා බලපෑම් නොකරන බවද ඉන්දීය අගමැතිවරයා සහ ප්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

 ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ සහ ළමුන්ගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධව ද දෙරට නායකයන් දෙදෙනා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ අවධානයට යොමු කර තිබේ. වෙනත් රටවල ත්‍රස්තවාදී කණ්ඩායම්වලට ඇෆ්ගනිස්ථානය තුළ ත්‍රස්තවාදී කටයුතුවල නිරතවීමට ඉඩ නොදිය යුතු බවටත් ගැටුම් සමතයකට පත්කර රට තුළ සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන තුරු ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය සමග එක්ව සහාය දැක්වීමට ද දෙරට නායකයන් එකඟතාවය පළ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment