ඇෆ්ගනිස්ථානයේ සිටින අපේ අය ගෙන්නන්න යයි

313

ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ ආමාත්‍යංශය කියයි.

කාබුල්හි පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය හරහා එම කටයුතු සැලසුම් කරමින් සිටින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.

මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු පමණ ඇෆ්ගනිස්ථානයේ සිටින බවට තොරතුරු ලැබී ඇත. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment