ඇෆ්ගනිස්ථානය විදෙස් ගුවන්විදුලි නාලිකා දෙකක් තහනම් කරයි

220

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් රජය එරට විකාශය වූ ගුවන්විදුලි නාලිකා දෙකක් පසුගියදා තහනමට ලක් කර ඇත. වොයිස් ඔෆ් ඇමෙරිකා (VOA) සහ රේඩියෝ ෆ්‍රී යුරෝප් ( RFE) යන ගුවන් විදුලි නාලිකා මෙලෙස තහනම් කර තිබේ. මෙම නාලිකා ඒක පාර්ශ්වික ලෙස කටයුතු කරන බව චෝදනා කරමින් තහනම් කර ඇත. මෙම නාලිකා වල වැඩසටහන් සම්බන්ධයෙන් චෝදනා කරමින් ඒවා විකාශය සුදුසු නැති බව එරට ජනමාධ්‍ය සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. එසේම එහි විදේශ විකාශන පිළිබඳ පරිපාලක අබ්දුල් හමාඩ් පවසන්නේ ඇමෙරිකානු සහාය දක්වන රේඩියෝ අසාද් හි විකාශන කටයුතු ද ඇෆ්ගනිස්ථානයේ ප්‍රාන්ත 13ක විකාශන කටයුතු තහනම් කළ බවය. ඇෆ්ගනිස්ථානයේ පවතින නීති වලට එරෙහිව විකාශන කටයුතු සිදු කරන විදෙස් මාධ්‍ය තහනම් කිරීමට එරට තලෙයිබාන් රජය විසින් අනුමැතිය ලබා දී තිබේ.වත්මන් රජය පසුගිය කාලයේ දී එරට ජනමාධ්‍ය සදහා සීමාවන් රැසක් පනවනු ලැබීයමාධ්‍යවේදීන් මාධ්‍ය වැඩසටහන් මෙහෙයවීමේ දී මුහුණ ආවරණය කරගත යුතුය. මෙලෙස මාධ්‍ය සදහා සීමාවන් පැනවීම ගැන නිදහස් මාධ්‍ය සංවිධාන සිය විරෝධය පළ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment