ඉංග්‍රීසි ගුරා සිංහල බීමක් පෙරලා

655


මහියංගණ, තිස්සපුර ප්‍රදේශයට කසිප්පු පෙරා අළෙවි කරන රජයේ ස්ථිර වැටුපක් ලබන රිදිමාලියද්ගැදල මුණුපුර ප්‍රදේශයේ ප්‍රධාන විද්‍යාලයක’ ඉංග්‍රීසි ගුරුවරයකු කසිප්පු පෙරීමට යොදා ගන්නා ගෝඩා මිලි ලීටර් 190000ක් හා පෙරීමේ උපකරණ ද සමඟ පෙරේදා (29දා) අත් අඩංගුවට ගෙන ඇත.
ඒ සමඟම පෙරන ලද කසිප්පු මිලි ලීටර් 5000 ක් සමඟ ඔහුගේ සොහොයුරාද අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ සොහොයුරාගේ බිරිඳ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිණියක ලෙස සේවය කරනු ලබති.
මොවුන් දෙදෙනා කාලයක සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවට සිදු කරන ලද විමර්ශනවලදී අණාවරණය වන බවට පොලිසිය පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment