ඉංග්‍රීසි භාෂා දැනුම සමගින් කුසලතා සපිරි දරු පරපුරක් ගොඩ නැගීමට SLT-MOBITEL PEOTV සහ Charana TV කාගිල්ස් පදනම සමග අත්වැල් බැඳගනී

82

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තම Internet Protocol Television සේවාව වන ඡෑධඔඪ සහ එහි දේශීය රූපවාහිනී නාලිකාවක් වන Charana TV කැටුව, කාගිල්ස් සමූහයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන කාගිල්ස් පදනම සමඟ විශේෂ සහයෝගීතාවකට පසුගියදා අත්සන් තැබීය.

මෙම සහයෝගීතාව යටතේ, දෙවැනි භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නා දරු දැරියන් වෙනුවෙන් “BADANAMU” අධ්‍යාපනික වැඩසටහන Charana TV ඔස්සේ විකාශය කෙරේ.

මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, කාගිල්ස් (සිලෝන්) පීඑල්සී හි නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් පේජ්, SLT VisionCom ප්‍රධාන විධායක නිලධාරී රුචිර වීරකෝන්, කාගිල්ස් විධායක අධ්‍යක්ෂ ඩිලන්ත ජයවර්ධන සහ කාගිල්ස් පදනමේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්වූහ.

SLT VisionCom ප්‍රධාන විධායක නිලධාරී රුචිර වීරකෝන් මහතා සහ කාගිල්ස් පදනමේ සභාපති රායා පේජ් රණබාහු මහත්මිය Charana TV ඔස්සේ BADANAMU රූපවාහිනී වැඩසටහන් මාලාව විකාශය කිරීමේ ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව. (වමේ සිට) SLT සමූහ විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, කාගිල්ස් (සිලෝන්) පීඑල්සී හි නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් පේජ්, කාගිල්ස් විධායක අධ්‍යක්ෂ ඩිලන්ත ජයවර්ධන සහ කාගිල්ස් තිරසාරත්ව ප්‍රධානී සුඛිතා අරංගල්ලගේ යන මහත්ම මහත්මීහු ද ඡායාරූපයෙහි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment