ඉංගිරියාවත්ත අනතුරකින් අවු. පහක දැරියක් ජීවිතක්ෂයට මව සහ පියාටත් බරපතළයි

324

ගැබිනි මවගේ කුස තුළ සිටි දරුවාත් මරුට

හැටන්, අවිස්සාවේල්ල මාර්ගයේ ඉංගිරියාවත්ත ප්‍රදේශයේ දී 20 වන දින සවස 3.20 ට පමණ සිදු වූ ත්‍රිරෝද රථ හා වෑන් රථ අනතුරකින් අවුරුදු 5 ක දැරියක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව කිතුල්ගල පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ ඉගිරියාවත්ත තැලිගම ප්‍රදේශයේ පදිංචි දැරියකි. 20 වන දින මියගිය දැරිය තම මව හා පියා සමග තැලිගම ප්‍රදේශය දෙසට ගමන් කරද්දී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි වෑන් රථයක් සමග මුහුණට මුහුණ ගැටී තිබේ. සිද්ධියෙන් ත්‍රිරෝද රථයේ රියැදුරු වූ චතුරංග ආරච්චිගේ පද්මසිරි හා ඔහුගේ බිරිඳ චතුරිකා හා දැරිය තුවාල ලබා ඇති අතර සියලු‍ දෙනා කරුවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැරිය රාත්‍රී 7 ට පමණ මිය ගොස් තිබේ. වෑන් රථයේ ගමන් කළ පුද්ගලයෙකු ද තුවාල ලබා ඇති අතර ඔහු ද මේ වනවිට කරුවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි. මියගිය දැරියගේ මව ගැබිනි කාන්තාවක් වන අතර අනතුරින් ඇගේ කුස තුළ සිටි දරුවා ද මිය ගොස් ඇත. ඇයගේ තත්වය බරපතළ වන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ කිතුල්ගල පොලීසිය විසින් පවත්වයි.
වසන්ත සමරවර්ධන බුලත්කොහුපිටිය, කේ කේ ඩී රූපසිංහ යටියන්තොට

advertistmentadvertistment
advertistmentadvertistment