ඉංජිනේරු තාක්ෂණ ආයතනය කරටි කැඩෙන්න අයකරයි

313

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය (NATTA) සඳහා 2023 වසරට සිසුන් ඇතුළත් කර ගැනීමේදී එක් සිසුවකුගෙන් රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් අයකර ගැනීමට තීරණය කර තිබීම නිසා සිසුන් අපහසුතාවට පත්ව ඇතැයි ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය පවසයි.

මීට පෙර වසරවලදී සිවු වසරක මෙම පාඨමාලාව සඳහා රුපියල් පන් දහසක් වැනි මුදලකට සිසුන් බඳවා ගනු ලැබුවත් මෙවර (2023) දෙලක්ෂ විසිපන්දහසක මුදල වාරික තුනකින් ගෙවන ලෙස පාලනාධිකාරිය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන්ව ඇතැයි එම ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍යයෝ පවසති.

මෙම පාඨමාලාව සඳහා සිසුන් හාරදහසක් 4000 ක් පමණ බඳවා ගන්නා බවත් සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව යන විෂයන් තුන එකවර සමත් වී තිබිය යුතු බවත් එම සිසුහු පවසති.

මේ සම්බන්ධයෙන් පාලනාධිකාරිය සමග සිදු කළ සාකච්ඡාවේදී රජයෙන් නිසි ලෙස පහසුකම් නොලැබීම නිසා මෙම පියවර ගන්නා බව ඔවුන් කියා සිටින බව ද සිසුහු ප්‍රකාශ කර සිටිති. මෙවැනි තත්ත්වයක් හමුවේ සිසුන් ඇතුළත් නොවීමට තීරණය කළහොත් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාලනාධිකාරියෙන් විමසීමේදී එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එදිනට එය බලාගමු යැයි ප්‍රකාශ කරන බව ද එම සිසුහු වැඩිදුරටත් කියා සිටිති.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment