ඉංජිනේරු සංස්ථා සේවකයන් 1000ක් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම කඩිනම් කරන්න

159

සේවකයෝ රජයෙන් ඉල්ලති

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 1000ක් දෙනා ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම :ඪඍී* කඩිනම් කරන ලෙස එම ආයතනයේ සේවකයෝ රජයෙන් ඉල්ලා සිටිති.

යහපාලන සමයේ දී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට 500දෙනකු පමණ බඳවා ගැනීම නිසා සේවකයන්ගේ වැටුප් ගෙවීමට මසකට රුපියල් කෝටි 14ක (මිලියන 140) මුදලක් වැයවන බවද ගණන් බලා තිබේ.

වත්මන් ආර්ථික අර්බුදය හා ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ විශාල කඩාවැටීම නිසා රාජ්‍ය ඉංජිනේරු සාංස්ථාවද දැඩි අර්බුදයකට ලක්ව ඇත.

මේ තත්ත්වය හමුවේ එම ආයතනයේ සේවකයන් දහසක් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමට :ඪඍී* යෝජනාවක් ගෙනා අතර එය වහා ක්‍රියාවට නංවන ලෙස ඉල්ලමින් සේවකයෝ පිරිසක් පෙරේදා (04 වැනිදා) කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් දහසක් පමණ ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යෑමට කැමැත්ත පළකර ඇතැයි පාලනාධිකාරිය සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment