ඉංජිනේරු සහ යන්ත්‍රෝපකරණ ආයතන සේවක වැටුප් වලට කැබිනට් පත්‍රිකාවක්

125

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන්ට හිඟ වැටුප් ගෙවීම සඳහා මහාභාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1,232 ක මුදලක් අනුමත කරගැනීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.ඒ අනුව මෙම වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාස දක්වා ආයතන දෙකෙහිම සේවක වැටුප් ගෙවීමට රුපියල් මිලියන 164 ක මුදලක් අවශ්‍ය වේ.එමෙන්ම ඔක්තෝබර් මස සිට ලබන වසරේ මාර්තු මස දක්වා සේවක වැටුප් ගෙවීමට රුපියල් මිලියන 1068 ක මුදලක් අවශ්‍ය වේ.ඉහත සඳහන් ආයතන දෙකම රජය සතු ඉදිකිරීම් කටයුතුවල නිරතවන ආයතන දෙකකි. නමුත් පසුගිය වසර කිහිපය තුළ ඉදිකිරීම් කර්මාන්තයට බලපාන ලද අහිතකර තත්ත්වය මත ආයතන දෙකම සීමිත ක්‍රියාකාරකම් මත සේවකයන්ගේ මූලික පිරිවැය පමණක් උපයාගෙන ක්‍රියාත්මක ව ඇත. එමෙන්ම කොවිඩ් – 19 වසංගත තත්ත්වය තුළ අසාමාන්‍ය ලෙස ඉදිකිරීම් ද්‍රව්‍ය මිළ ඉහළ යාම සහ රාජ්‍ය අංශයේ ඉදිකිරීම් කටයුතු සීමාවීම වැනි කරුණු මෙම ආයතන දෙක සඳහා අහිතකර ලෙස බලපා ඇතැයිද අමාත්‍යවරයා අදාළ කැබිනට් පත්‍රිකාව මගින් පෙන්වා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment