ඉක්වදෝරයේ බන්ධනාගාරයක දරුණු ගැටුම්වලින් 116ක් මරුට

371

දකුණු ඇමරිකානු රාජ්‍යයක් වන ඉක්වදෝරයේ බන්ධනාගාරයක විරුද්ධවාදී සිරකරුවන් කණ්ඩායම් අතර හටගත් දරුණු ගැටුම්වලින් ඊයේ (30දා) දහවල් වන විට 116 දෙනෙකු මිය ගොස් තිබිණි. මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සම්බන්ධ බවට සැක කෙරෙන සිරකරුවන්ගෙන් සමන්විත කණ්ඩායම් අතර මෙම ගැටුම හටගෙන තිබූ අතර මෙය ඉක්වදෝරය ඉතිහාසයේ සිදු වූ දරුණුතම බන්ධනාගාර ගැටුම ලෙස සැළකේ.

 ඉක්වදෝරයේ පිහිටි භයානකම බන්ධනාගාරවලින් එකක් සේ සැළකෙන ගුයයාක්විල් ප‍්‍රදේශයේ පිහිටි ‘‘ලිටොරල් පෙනීටෙන්ටියරි ’’ බන්ධනාගාරයේ මෙම ගැටුම් හටගෙන ඇත්තේ ඉකුත් අඟහරුවාදාය. මෙම ගැටුම්වලට සම්බන්ධ සිරකරුවන් විසින් ග්‍රෙනේඞ් බෝම්බ පවා පහර දීම සඳහා යොදා ගෙන ඇති අතර ගැටුම් මර්දනය කර බන්ධනාගාරයේ පාලනය සියතට ගැනීම සඳහා පොලිස් භටයන් 400ක පමණ පිරිසක් යෙදවීමට සිදු වූ බව ඉක්වදෝරයේ පොලිස් අණ දෙන නිලධාරී ෆවුස්ටෝ බුයෙනෆියෝ පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment