ඉක්වදෝරයේ විශිෂ්ටතම මලල ක‍්‍රීඩකයා වෙඩි තබා ඝාතනය කෙරේ

423

දකුණු ඇමරිකානු රටක් වන ඉක්වදෝරයේ ප‍්‍රකට මලල ක‍්‍රීඩකයෙකු වන ඇලෙක්ස් ක්විනෝනෙස් ඉකුත් සිකුරාදා රාත‍්‍රියේ කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් ඉකුත් සිකුරාදා (23දා) රාත‍්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබේ. මියගිය ක‍්‍රීඩකයා ‘ගුආයාක්විල්’ නගරයේ සාප්පු සංකීර්ණයක් අසල සිටියදී ඔහුට හා වෙනත් පුද්ගලයෙකුට කිසිවෙකු විසින් වෙඩි තබා ඇති බව හෙළි වී තිබේ. මෙම ඝාතනයට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වසර 2019 දී පැවති ලෝක මලල ක‍්‍රීඩා තරගාවලියේදී මීටර් 200 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනූ 32 හැවිරිදි වියෙහි පසු වූ ඇලෙක්ස් ඉක්වදෝරයේ සිටින විශිෂ්ටතම මලල ක‍්‍රීඩකයා වශයෙන් ඉක්වදෝර මලල ක‍්‍රීඩා සංගමය විසින් නම් කර තිබිණි. එරට ජනාධිපති ගුයිලර්මෝ ලැස්සෝ ඇලෙක්ස්ගේ මරණයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගෙන දඬුවම් ලබා දෙන බවට ප‍්‍රකාශ කර තිබේ. ඉක්වදෝරය පුරා සිදු වන අපරාධ හා හිංසන ක‍්‍රියාවන් වැඩි වීම හේතුවෙන් රජය ඉකුත් සතියේ සඳුදා රට පුරා දින 60ක හදිසි නීතියක් ප‍්‍රකාශයට පත් කර තිබිණි.

විදෙස්‌ පුවත් සංස්‌කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment