ඉකුත් දින 10 ට – බියගමින් – කොරෝනා මරණ 42 ක් – ආසාදිතයෝ 1500 ක්

430

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොවිඞ් 19 ආසාදිත මරණ 42 ක් සහ නිවෙස් ගත ආසාදිතයින් 1500 කට වැඩි පිරිසක් ඉකුත් දින 10 තුළ වාර්තා වන බව බියගම අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සිසාරා බණ්ඩාර ගුණහේරත් මහතා ඊයේ (15* පැවසීය.

තම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දස දෙනෙකු කොවිඞ් ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති බවත් අපහසුවෙන් වුවද දිනපතා සිදුකරන එන්නත්කරණ

වැඩසටහනට අමතරව පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ 300 ඉක්මවා සිදු කරන බවද වෛද්‍ය සිසාර බණ්ඩාර ගුණහේරත් මහතා පැවසීය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉතා කාර්ය බහුල සේවාවක නිරතව සිටින මේ අවස්ථාවේ නිතරම අනවශ්‍ය දුරකතන ඇමතුම් ජනතාවගෙන් ලැබෙන බවත් ආසාදිත රෝගීන් විමර්ශනය කරන අවස්ථාවල දුරතතන ඇමතුම්වලට පිලිතුරු ලබාදීමට යෑමෙන් වෛරසය පහසුවෙන් තමන්ටද ආසාදනය වීමට හැකි බැවින් හැකි තරම් ජනතාව එස්.එම්.එස්. කෙටි පණිවිඩ හරහා පී.එච්.අයි. මහත්වරුන් අමතන ලෙසත් ඊට පිලිතුරු ඇමතුමක් අනිවාර්යෙන්ම ලබාදෙන බවද කොවිඞ් මරණයකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ලියුමක් පොලිසියට ගෙනයාම අනවශ්‍ය බවත් මරණ පරීක්ෂකවරයාගේ තීරණය මත මරණයේ අවසන් කටයුතු සිදු කරන බවද එම අවස්ථාව අධීක්ෂණය කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් සිදු කරන්නේයැයිද ඒ පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු බවද බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවසීය.

දෙල්ගොඩ – බිහදු විනුවර බියගම – කේ. දුමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment