ඉකුත් මාස හතේ අයවැය හි`ගය කෝටි 14190කින් වැඩිවෙලා

61

මේ වසරේ (2021) පළමු මාස හතක කාලයේදී රජයේ අයවැය හි`ගය රුපියල් කෝටි 14190 කින් සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත.

මේ අනුව ගිය වසරේ (2020) ජනවාරි සිට ජූලි දක්වා කාලයේදී රුපියල් කෝටි 87260 ක් වූ සමස්ත අයවැය හි`ගය මේ වසරේ (2021) ජනවාරි සිට ජූලි දක්වා කාලයේදී රුපියල් කෝටි 101450 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව සමස්ත අයවැය හි`ගය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස එම කාලයේදී සියයට 5.8 සිට සියයට 6.2 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව නිකුත් කළ නවතම මෑත කාලීන ආර්ථික ප‍්‍රවණතා 2021 වාර්තාව මගින් අනාවරණය කර ඇත.

කොවිඞ් වසංගතය මගින් රාජ්‍ය මූල්‍ය අංශය වෙත කරන ලද අහිතකර බලපෑම් නිසා රාජ්‍ය ආදායම ඉහළ යෑමට වඩා රාජ්‍ය වියදම් වැඩිවීමෙන් දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස ප‍්‍රධාන රාජ්‍ය මූල්‍ය ශේෂයන් පිරිහීමට ලක්ව තිබේ. මේ තත්ත්වය අයවැය හි`ගය වැඩිවීමටද හේතු වී තිබේ. මේ අනුව ජංගම ගිණුම් හි`ගය වැඩිවීමටද හේතු වී තිබේ. මේ අනුව ජංගම ගිණුමේ හි`ගයද මේ වසරේ (2021) මුල් මාස හතේදී රුපියල් බිලියන 779.1 ක් දක්වා ඉහළ ගොස් ඇත. 2020 වසරේ මුල් මාස හතේදී වාර්තා වූ ජංගම ගිණුමේ හි`ගය රුපියල් බිලියන 694.5 ක් බවද එම වාර්තාවේ සඳහන් වේ.

හ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment