ඉකුත් වර්ෂයේ පිරිමි මරණ වැඩිවෙලා

91

ඉකුත් වර්ෂයේ දී මෙරට (2021) පුද්ගලයන් 163,936 දෙනෙකු මියගොස් ඇති අතර 2020 වර්ෂයට සාපෙක්ෂව ඉකුත් වර්ෂයේ දී පුද්ගල මරණ සංඛ්‍යාව 31505කින් වැඩිවී ඇති බැව් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2021 වර්ෂයේ දී මෙරට මියගිය පුද්ගලයන්ගෙන් 90,836 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් සංඛ්‍යාව 73100කි. 2020 වර්ෂයේ දී පුද්ගලයන් 132431 දෙනෙකු මියගිය අතර ඉන් මියගිය පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 72874කි. කාන්තාවන් සංඛ්‍යාව 59557කි. 2020 වර්ෂයේ දී සියයට 6.0ක් පැවති දළ මරණ අනුපාතයද 2021 වර්ෂයේ දී සියයට 7.4කින් වැඩිවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වාදෙයි.

ඉකුත් වර්ෂයේ මෙරට පැවති කොවිඩ් වසංගතය නිසා මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment