ඉගිල්ලුණු යතුරුපැදිය විදුලි කණුවක ගැටී ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී  අමිල කුමාර මරුට

785

බිංගිරිය – දුම්මලසූරිය ප‍්‍රධාන මාර්ගයේ කදුරුවැව අසල වංගුවේදී සිදුවූ මාරක යතුරුපැදි අනතුරින් බිංගිරිය ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී ඉලන්දරන් පේඩිගේ අමිල කුමාර (37) මහතා එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇත.

මන්ත‍්‍රීවරයා විසින් පදවන ලද යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට විසිවී අසල තිබූ විදුලි පහන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයිද, එහිදී හිසට බරපතළ තුවාල සිදුව ඇතැයිද පවසන පොලිසිය එම අවස්ථාවේදී මන්ත‍්‍රීවරයා ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ නොසිටි බවද පවසයි.

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.

බිංගිරිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. හැරිසන් සෝමසිරි මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සූරියහෙට්ටි, උ.පො.ප. රත්නායක, පො.සැ. (54972) නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

බිංගිරිය – සෝමසිරි ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment