ඉඟුරුකඩේ සිට වරාය නගරයට කුලූනු මතින් ඉදිවන අධිවේගී මාර්ගයට පෙරසවි කොන්ක‍්‍රීට් සවිකිරීම ඇරැඹේ

346

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට භාවිතා කරන නව තාක්ෂණික ක‍්‍රමවේදයක් වන පෙරසවි කොන්ක‍්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ ක‍්‍රමවේදයට අනුව පෙරසවි කොන්ක‍්‍රීට් පාලම් කොටස් 3279 ක් මත ඉඟුරුකඬේ මංසන්ධියේ සිට ගාලූමුවදොර වරාය නගරය දක්වා කුලූනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ පළමු වන පෙරසවි කොන්ක‍්‍රීට් පාලම් කොටස සවිකිරීමේ උත්සවය ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (25* පැවැත්විණි.

කොළඹ වානිජ නගරයට ප‍්‍රවේශ වීමේදී පවතින අධික රථවාහන තදබදයට ස්ථාවර පිළියම් ලෙස ඉඟුරුකඬේ මංසන්ධියේ සිට අභිනව වරාය නගරයට පිවිසීමට කුලූනු මතින් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරන ලදී. මෙම මාර්ගයේ ඇති සුවිශේෂත්වය නම් පරිසර හිතකාමීව කුලූනු මතින් ඉදිකිරීම් සිදු කිරීමයි.

ඉඟුරුකඩේ සිට වරාය නගරයට කුලූනු මතින් ඉදිවන අධිවේගී මාර්ගයට පෙරසවි කොන්ක‍්‍රීට් සවිකිරීම ඇරැඹේ

කුලූනු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ දුර කි.මී. 5.3 ක් වේ. මංතීරු 4 ක් යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. ඉඟුරුකඬේ මංසන්ධියෙන් ආරම්භ වී

ගාලූමුවදොර වරාය නගරයෙන් අවසන් වන මෙම මාර්ගයේ ඉදිකිරීම් සඳහා රු. මිලියන 28,002 ක මුදලක් වැය කෙරේ. මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. කුලූනු මත ඉදිවන අධිවේගී මාර්ගය පිවිසුම් 5 කින් සමන්විත වේ. ඒවා නම් ඉඟුරුකඬේ පිවිසුම, පිටකොටුව විමලධර්ම ආයතනය අසල පිවිසුම, අලූත් මාවතේ පිවිසුම,

ගාලූමුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුම වේ. මෙම අධිවේගී මාර්ගය වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් බහාලූම් ප‍්‍රවාහනය සඳහා නව ප‍්‍රවේශ මාර්ගයක් වේ. ඉඟුරුකඬේ මංසන්ධිය අසල පිවිසුමේ දී මෙම කලූනු මත ඉදිවන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය නව කැලණි පාලම මතින් පැමිණෙන මාර්ගය හා සම්බන්ධ වේ.

මෙම කලූනු මත ඉදිවන වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් වරාය පරිශ‍්‍රයෙන් කඩා ඉවත් කරන ගොඩනැ`ගිලි වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ප‍්‍රතිපාදන මත යෝජිත සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය, වරාය අධිකාරිය සතු ඉඩමක මහල් 17කින් යුක්තව ඉදිකිරීමට සැලසුම් සකස් කර ඇත.

ඉදිකිරීමට යෝජිත සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය මහල් 17කින් යුක්තව චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව මගීන් ඉදිකරනු ලබයි. මේ සදහා රුපියල් මිලියන 4099ක් වැය වේ. මාස 24ක් ඇතුළත මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය. ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වරායේ සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ද වරාය තුළ බහාලූම් හැසිරවීමේ කටයුතු සදහා වැඩි ඉඩම් ප‍්‍රමාණයක් ලබා ගැනීම සදහා ද ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්ය මණ්ඩලය සහ වරාය අශ‍්‍රිත අනෙකුත් සංවිධාන එකම වහලක් යට තබා ගැනීම සදහාද නවීන තාක්ෂණය සමග ඒකාබද්ධව වඩාත් ඵලදායී සේවාවක් වරාය භාවිතා කරන්නන්ට ලබා දීම ස`දහා කඩදාසි භාවිතයෙන් තොර මාර්ගගත කාර්යාල පද්ධතියක් වරාය අධිකාරිය සතු ඉඩමක ආසියානු සංවර්ධන බැංකුවේ ප‍්‍රතිපාදන මත ඉදිකෙරේ.

මෙම අවස්ථාවට වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා, ග‍්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්. ආර්. පේමසිරි මහතා, වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment