ඉටිපන්දම පෙරළී මානන්දුවේ නිවසක් ගිනිගනී – ගෙහිමියාගේ මවට බරපතළයි

75

විදුලිය කැපූ මොහොතේ දැල්වූ ඉටිපන්දම පෙරලී පනාපිටිය, මානන්දූව පාරේ නිවෙසක ඊයේ (30 දා) අලූයම හටගත් ගින්නකින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් කාන්තාවන් දෙදෙනකු නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් කළුතර උතුර පොලිසිය පවසයි.

නිවෙස් හිමිකරුගේ මව මෙහිදී බරපතළ ලෙස පිළිස්සී තිබේ. නිවෙස් හිමිකරු සහ බිරිඳ සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

නිවසේ විදුලිය විසන්ධි වී ඇති මොහොතේ ඉටිපන්දමක් දල්වා තිබී ඇති අතර නැවත විදුලිය ලැබීමෙන් පසු වයෝවෘද්ධ කාන්තාවක සිය හැරමිටිය ආධාරයෙන් පැමිණ නිවැසියන් නිදාසිටින මොහොතේ ඉටිපන්දම නිවා දැමීමට උත්සාහ දැරීමේදී ඉටිපන්දම අසල තිබූ ඇදට වැටී කාමර දෙකකට ගින්න පැතිර ගොස් ඇතැයි පැවසේ.

ගින්නෙන් නිවසේ අඩක් පමණ මුළුමනින්ම විනාශ වී ඇති අතර දේපල හානියක්ද සිදුව ඇත. කළුතර නගර සභාවේ ගිනි නිවන අංශයේ නිලධාරීන් පැමිණ ප‍්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න පාලනය කර ඇත.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment