ඉඩමක් ගන්න කලින් මේ ගැනත් සිතන්න

431

දහසක් බලාපොරොත්තු ඇතිව ඉඩමක් මිලදී ගන්නා ඔබට, ජීවිතය සාර්ථක කර ගැනීමට ඉමේ වාස්තු දෝෂ තිබේදැයි පරීක්‍ෂා කළ යුතුය. එසේ නොමැති නම් නිවසක් ගොඩනැගූ පසු ඔබට කිසිසේත් දියුණුවක් ළඟාකර ගත නොහැකි වේ. ඕනෑම අයෙකුට දියුණු වීමේ ආශාවක් පවතින අතර බලාපොරොත්තු වන දියුණුව ළඟාකර ගැනීමට ඔබ තෝරාගන්නා ඉඩම ද බෙහෙවින් ඉවහල් වේ.

ඔබගේ සිහින නිවහන ඉදිකිරීමට පෙර මෙ මිහිකතේ ඔබට සුදුසුම හා සෞභාග්‍යවත් බිම්කඩ තෝරා ගැනිමට හා දියුණුවේ රුවන් දොරටු විවරකර ගැනීමට මෙම උපදෙස් මාලාව මහෝපකාරී වනු ඇත.

ඉඩමක දෝෂ තුන් ආකාරයකට බෙදා වෙන්කර ගත හැකිය.

ඉඩමක් ගන්න කලින් මේ ගැනත් සිතන්න

වාස්තු දෝෂ
භූමි දෝෂ
කර්ම දෝෂ


වාස්තු දෝෂ

වාස්තු දෝෂ නම් ඇසට පෙනෙන්නට ඇති දෝස වේ. එනම් ඉඩමක හැඩය ඉතා වැදගත් සාධකයකි. පහත සඳහන් වගුවේ එම හැඩය පිළිබඳ සාධක දක්වා ඇත. මෙම හැඩවලට අනුව, සෘජුකෝණාස්‍රාකාර, සමචතුරස්‍රාකාර, වෘත්තාකාර හා මැද උස් වූ හතරැස් ඉඩම් වාසයට සුදුසු ඉඩම් වේ. අනෙකුත් හැඩතල සහිත ඉඩම් තෝරා ගැනීම කිසිසේත් නොකළ යුතු වේ. එය ඔබගේ ඉදිරි දියුනුව අඩුවීමට හා නිවෙසක් ඉදිකළ ද එහි ලැබීම් නොමැති වීමට ද බලපානු ඇත. මෙවැනි අභුභ හැඩතල ඇති තරමක් විශාල ඉඩමක නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන්නේ නම් නිවස ඉදිකරගන්නා කොටස පමණක් හෝ වාස්තු විiානුකූලව හතරැස් කරගැනීමෙන් ශුභඵල ළඟාකර ගත හැකි වේ.

ඉඩම බෑවුම් සහිත ඉඩමක් නම්, එය අශුභ ගණයට වැටේ. නිවසක් තැනිමට පෙර ඉඩම වඩා අත්තිවාරම් බැඳ පස් පුරවා සකස් කරගත යුතු වේ. එසේ පස් පුරවා ඉඩමේ බෑවුම නිසි පරිදි සකසා ගැනීමට නොහැකි ඉඩම් ද ඇත. එනම් අධික බෑවුමක් සහිත ඉඩම් වේ. වැනි ඉඩමක් තෝරා ගන්නේ නම් අනිවාර්යයෙන් වාස්තු උපදෙස් ලබාගත යුතුම වේ. එවැනි ඉඩම්වල බෑවුම් උතුරට ඇත්නම් දෝෂ තත්ත්වයන් අවම කර ගත හැකිය. එහෙත් දකුණට බැස්ම ඇත්නම් එය නිවැරදි කර ගත නොහැක.

ඉඩමේ මුහුණත ද ඉතා වැදගත් සාධකයක් ලෙස දැක්විය හැකිය. එසේම ඉඩමේ හැඩය හා ප්‍රවේශය වැදගත් වේ. එහිදී උතුරු නැගෙනහිර දශාවට මුහුණත හා ප්‍රවේශය තිබීම ඉතා වැදගත් වේ. අනෙකුත් දිශාවලට ප්‍රවේශය තිබේ නම් ඒ සඳහා වස්තු උපදෙස් ලබාගත යුතු වේ.

ඉඩමේ පිහිටීම තුන්මංසලක නම් එය බොහෝ දුරට අශුභ වේ. නොපෙනෙන දෝෂ මෙන්ම විශ්ව ශක්තීන්ගේ ආකර්ෂණය අඩුකරවන අතර එහිදී ද ඉඩමේ මුහුණත හා ප්‍රවේශය හොඳින් පරීක්‍ෂා කළ යුතුය. නිවසක් ඉදිකළ පසු ප්‍රධාන දොර තුන්මංසල දෙසට නොවැටෙන ලෙස නිවස සකස්කර ගත හැකි නම් පමණක් එම ඉඩම තෝරාගත හැක.

සුසාන භූමියකට මායිම් වූ ඉඩම්වල දියුණුව හා යාදීම අඩු කරවයි. වාස්තු විiානුකූලව එවැනි ඉඩම් තෝරා ගැනීම නොකළ යුතු වේ.

දකුණු දිශාවට ජලාශයක් මායිම් වී ඇත්නම් එම ඉඩමද අශුභ ගණයට වැටේ.

● ඉඩමේ මැද පහත්වීම ද අශ්‍රභය.

කලකට පෙර පතල් කැණීම් සිදුකර ඇති ඉඩම් මිලදී ගැනීම නොකළ යුතුය. එය වාසයට සුදුසු නොවන අතර විපත්වලට මුහුණදීමට සිදුවේ.

ඉපැරැණි වෘක්‍ෂ සහිත ඉඩම් නිවාස ඉදිකිරීම් සඳහා තෝරා නොගත යුතුය. එවැනි ඉඩම්වල ඇති වෘක්‍ෂ ඉවත් කිරීමෙන් බලාපොරොත්තු නොවූ විරූ කරදරවලට මුහුණපෑමට සිදුවනු ඇත.

දේවාල, කෝවිල්, පන්සල්, දාගැබ් පිහිටි ඉඩම්වල පසුකාලීනව නිවාස ඉදිකිරීමේදී ජීවිතය ගැටලු සහගත හා අකල් විපත් ගෙන දේ. සාර්ථකත්වය අඩුය.

ඛනිජ නිධි සහිත ඉඩම්වල නිවාස ඉදිකිරීමෙන් දියුණුව ළඟාකර ගත නොහැකි වේ.

කලක් නඩු කටයුතුවලට සම්බන්ධව තිබූ ඉඩම් හා විදුලි සංදේශ හා අධි බලැති විදුලි රැහැන් සහිත ඉඩම් ඔබගේ දියුණුවට යා නොදෙනු ඇත.

අස්වද්දන ලද වෙල් යායකට හා මාර්ගයකට මුහුණා ඇති ඉඩම් ඉතා යහපත් වේ. මාර්ග කිහිපයකට මායිම් වූ ඉඩම් ද, සශ්‍රීක ගස්වැල්වලින් යුත් සරු පසක් ඇති ඉඩම් ද ඉතා යහපත් වේ.

ඉඩමක වළක් කපා පස් ඉවත්කර, නැවත වළ වැසූ විට පස් ඉතිරි වේ නම් එය සෞභාග්‍යවත් ඉඩමක් වේ. වළ වැසීමට පස් ප්‍රමාණවත් නොවේ නම් එය අශුභ ඉඩමක් ලෙස සැලකේ. රතු පස් හමා පැහැපත් වර්ණ සහිත පස් ඇති ඉඩම් ශුභදායී වේ.

ඉඩමක භූගත ජලය හොඳින් ඇත්නම් එය සෞභාග්‍යවත් ඉඩමක් ලෙස සැලකේ. එනම් ළිං කැපීමේදී බඹ දෙකක් හෝ ඊට අඩු පරාසයකදී ජලය හමුවේ නම් එම ඉඩම් ඉතා යහපත් වේ. බඹ 5 – 6 කට වැඩි ගැඹුරකින් ජලය හමුවේ නම් එම ඉඩම එතරම් ම යහපත් නොවේ. ගල් පර්වත සහිත ජලය ශූන්‍ය භූමි දියුණුවට අශුභ වේ.

● භූමි දෝෂ

ඉඩමක ඇති නොපෙනෙන දෝෂ භූමි දෝෂ ගණයට වැටේ. එනම් අනවින, කොඩිවින, හදි හූණියම් කරන ලද ඉඩම් හා නිධන් බහිරව දෝෂ, අමනුෂය දෝෂ ඇති ඉඩම් මිලදී ගැනීමෙන් වැළකිය යුතු වේ. මෙවැනි ඉඩම්වල දෝෂ, නොපෙනෙන දෝෂ ගණයට වැටෙන අතර දක්‍ෂ වාස්තුවේදියකුට එය වටාගත හැකි වේ.

● කර්ම දෝෂ

කර්ම දෝෂ ගණයට වැටෙන ඉඩම් වන්නේ අප පෙර ආත්මවල කරන ලද කුසල, අකුසල කර්මවලට අනුව ලැබෙන ඉඩම් ය. ඒ අනුව නොගැලපෙන ප්‍රදේශයක නොගැලපෙන පරිසරයක ඉඩමක් මිලට ගැනීමට සිදුවීම කර්මදෝෂ ගණයට වැටේ.

මෙම ලිපියෙහි විස්තර කෙරෙන සියලු කරුණු පිළිබඳව යම් අවබෝධයක් ලබාගෙන ඉඩමක් මිලදී ගැනමෙන් ඔබට සාර්ථකත්වයක් ළඟාකර ගත හැකි වේ. වාස්තු දෝෂ නොමැති ඉඩමක් තෝරා ගන්නා ඔබට වාස්තු විiානුකූලව නිවසක් සාදා ගැනීමට නිවාස සැලසුම හරි ආකාරයෙන් සකස්කර ගැනීම පිළිබඳව ඉදිරියේදී දැනුවත් වෙමු.

ඉඩමක් ගන්න කලින් මේ ගැනත් සිතන්න

ඉන්දියානු එක්ස්සලන් සම්මානලාභී
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
වාස්තු විද්‍යා උපදේශක
අජිත් මද්දුමආරච්චි
සුබසෙත ජ්‍යොතිෂ මධ්‍යස්ථානය
දොම්පෙ – දුක 0778400123

ධම්මික හේවාවසම්

advertistmentadvertistment
advertistmentadvertistment