ඉඩමක් නොදුන්නාට උරණ වූ තෝනිකල් කාන්තාව ග‍්‍රාම නිලධාරීගේ ගෙදර පදිංචියට ගිහින්

389

රජයෙන් තමන්ට නිවසක් ලබා නොදීම ගැන උරණ වූ වවුනියාව තෝනිකල් ප‍්‍රදේශයේ කාන්තාවක් සිය නිවසේ බඩු මුට්ටු ද රැුගෙන තෝනිකල් ග‍්‍රාම නිලධාරිවරයාගේ නිවසේ පදිංචියට 4 වැනිදා පැමිණ තිබේ.

ඇය ග‍්‍රාම නිලධාරී කාර්යාලයෙන් ඉවත් කිරීමට නිලධාරීන් උත්සහ කළත් එය අසීරු වීම නිසා ග‍්‍රාම නිලධාරිවරයා මේ බව වවුනියාව පොලිසියට පැමිණිලි කර තිබේ.

පොලිස් නිලධාරීන් පැමිණ අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වවුනියාව මහ රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment