ඉඩම් ආරවුලකට රාජ්‍ය දේපල විනාශ කරයි

247

ඉඩම් ආරවුලක් මත අරගල කරමින් වවුනියාවේ රාජ්‍ය දේපල විනාශ කරමින් එකිනෙකාට පහර දී ගත් සිද්ධියකට සම්බන්ධ ගැහැණු හා පිරිමි 8 දෙනෙකු වවුනියාව පොලීසිය විසින් අද අත් අඩංගුවට ගෙන ඇත.

මේ පිරිස ඊයේ රාත්‍රියේ සිට වවුනියාවේ කූමාන්කුලම ප්‍රදේශයේදී විශාල ආරවුලක් ඇතිකරගෙන තිබුණේ ඉඩම් අක්කර දෙකක ප්‍රශ්නයක් මත බව පොලීසිය පැවසීය.

1980 වසරේදී සරණාගතයින් වශයෙන් ඉන්දියාවට ගොස් ආපසු ඇමිණීමෙන් පසුව ඉඩම වෙනත් පිරිසක් අත්පත් කරගෙන තිබීම නිසා ප්‍රශ්නය විසදීමට ගිය පොලිස් නිලධාරීන්ටද එක් පාර්ශ්වයක් බැන වැදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment