ඉඩම් ආරවුලට පොලූ ඉස්සූ කොස්තාපල් ලූණුගම්වෙහෙර පොලිසියට භාරවෙයි

235

ඉඩම් ආරවුලක් මුල්කර ගනිමින් ලූණුගම්වෙහෙර දකුණු ඉවුර කුඩා ගම්මාන 03, ප‍්‍රදේශයේ පනස් දෙහැවිරිදි පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඔහුගේ වම් අතේ අස්ථි බි`ද දමමින් ප‍්‍රදේශයෙන් පලා ගොස් සිටි පොලිස් රියැදුරු සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයා ලූණුගම්වෙහෙර පොලිසිය විසින් ඊයේ (16 දින) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලූණුගම්වෙහෙර දකුණු ඉවුර කුඩා ගම්මාන පදිංචිකරුවෙකි. ඔහු පොලිස් කොස්තාපල් රියැදුරකු වශයෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට අනුයුක්තව සේවය කරන අයෙකි.

මොහුගේ පොලූ පහරට ලක්වූ ලූණුගම්වෙහෙර දකුණු ඉවුර කුඩා ගම්මාන පදිංචි උපුල් කුමාර යන අය මේ වන විට තිස්සමහරාම මූලික රෝහලෙහි ප‍්‍රතිකාර ලබයි.

තුවාලකරු හා අසල්වැසියකු වූ පොලිස් නිලධාරියාගේ පියා අතර ඉඩම් ආරවුලක් මුල්කර ගනිමින් ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ. එහිදී එම ස්ථානයට පොල්ලක් රැුගෙන කඩා වැදුණු පුතා වන පොලිස් රියැදුරු තම පියා සමග ආරවුල ඇති කරගත් එම පුද්ගලයාට අමානුෂික ලෙස පොල්ලෙන් පහර දී තිබේ.

පසුව සැකකාර පොලිස් නිලධාරියා ප‍්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටි අතර, ඔහු ලූණුගම්වෙහෙර පොලිසියට භාර වීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගේ පියා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු හා සැකකාර පොලිස් නිලධාරියා තිස්සමහරාම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හම්බන්තොට කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ සහ තිස්සමහරාම සහකාර පොලිස් අධිකාරි ගයාන් ප‍්‍රසන්න මහතාගේ උපදෙස් මත ලූණුගම්වෙහෙර පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක වික‍්‍රමරත්න මහතාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙයි.

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment