ඉඩම් ගොඩකිරීමේ සමාගමේ ‘ලංසු ජිල්මාට්’ එක ගැන හාහූවක් නෑ  

109

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සමාගම විසින් මුහුදු වැලි පැකට් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවට ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා දේශීය ඉදිකිරීම් සමාගමක් විසින් ඉදිරිපත් කරනු ලැබූ ලංසු ඇගයීමක් නොකර රුපියල් මිලියන 265.03 ක් වියදම් කොට විදේශීය සමාගමක් මගින් එම ගොඩනැඟිල්ල ඉදිකර ගැනීම නිසා සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

රුපියල් මිලියන 265ක් වැයකොට විදේශීය සැපයුම්කරුවකු මගින් මෙකී ගොඩනැඟිල්ල ඉදිකිරීමට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සමාගම මගින් කටයුතු කිරීම නිසා මෙහි අක්‍රමිකතාවයක් වී ඇති බැව් නිරීක්‍ෂණය වී ඇති බවද විගණන වාර්තා වේ සඳහන් වේ. මෙකී අක්‍රමිකතාවය සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment