ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමෙන් මහා භාණ්ඩාගාරයට මිලියන 750 ක්

121

මහා භාණ්ඩාගාරය වෙත රුපියල් මිලියන 750 ක මුදලක් ප‍්‍රථම වතාවට ප‍්‍රදානය කිරීමට ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පසුගියදා හැකි වී තිබේ.

රටේ පවතින වසංගත ව්‍යසනය මත වුව ද තම රාජකාරි කාර්යයන් ඒ ආකාරයෙන්ම ඉටු කරමින් ක‍්‍රියාත්මක කරන ලද ඔප්පුව ගෙදරටම ජාතික වැඩසටහන ඉතා කාලෝචිත හා අගය කළ යුතු වැඩසටහනකි. ඒ තුළින් වසර ගණනාවක් තම අයිතිය නොමැතිකමින් දුක්විඳි ජනතාවට ඔවුන්ගේ නිවසටම ගොස් ඔප්පුව ලබාදීමේ කටයුතු සිදුවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප‍්‍රතිපත්තියේ සඳහන් පරිදි වස විසෙන් තොර කෘෂි ආර්ථිකය ගොඩනැ`ගීමේ ජාතික වැඩපිළිවෙළට අත්‍යවශ්‍ය කාරණාවක් වූ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ඉතා සාර්ථකව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්‍ද්‍රසේන මහතාගේ නායකත්වයෙන් හා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක වූ අතර එම ව්‍යාපෘතිය වෙනුවෙන් ද මිලියන 350 ක මුදලක් ලබා දුන් අතර එය මහා භාණ්ඩාගාරය මගින් ඉඩම් අමාත්‍යාංශයට ලබාදීමක් සිදුවිය. මේ වන විට අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් මධ්‍යස්ථාන 32 කදී කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 10000 නිෂ්පාදනය කොට ගොවි ජනතාව වෙත මුදාහැරීම සඳහා අවශ්‍ය අදාළ අංශ වෙත යොමු කොට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment