ඉඩෝරයාගේ ජීවිතය බේරා ගන්න ගිහින් ඇඟිලි තුනක් පූජා කරලා

591

තොටළඟ ධර්මේ දක්ෂ වඩුවෙකි. කිසිම හැඩක් නැති ලීවලින් විශ්මිත ගෘහ භාණ්ඩ තනන ඔහු වඩු බාස්ලා අතර රජෙකි. වැඩක් කළොත් ඒකෙ ආයෙ දොසක් නැත. ඇඳක්, අල්මාරියක් දොරක් හැදුවොත් ඒ නිර්මාණවලට මිලක් නැත. අමිලය. මිලදී ගන්නා අය කීයක් හෝ වැඩිපුර දී යන්නේ සතුටු සිතිනි.

මේ අතර අයාලේ ගිය බලූපැටියෙක් තොටළඟ ධර්මෙගේ ලී මඩුවට ගොඩවුණේ වැස්සෙන් බේරීමටය. එතැන් පටන් ධර්මෙගේ සත්ත්ව කරුණාවට ලක්වූ මේ බලූපැටියාට ආදරයත්, රැකවරණයත් සෙනෙහසත් ලැබුණු පසු ධර්මේගේ වඩුමඩුවේ රාත‍්‍රි ආරක්ෂක භටයා බවට ඒ සුනඛයා පත්වූයේ කාලයත් සමඟිනි.

ධර්මෙ බල්ලාට දැමූ නම ඉඩෝරයා ය. ධර්මේ බාස් උන්නැහැගේ හුරතලා වූ ඉඩෝරයා ධර්මෙගේ ආරක්ෂාව වෙනුවෙන් ඇප කැපවුණේ බල්ලාත් මිනිසාගේ ආත්මීය බැඳීමට සහතික දෙමිනි.

දැන් ලී ගාන්නට යත්ත නැත. ඇත්තේ මැෂිමකි. ධර්මේ බාස් උන්නැහේ ඊයේ පෙරේදා දිනක මැෂිමේ වැඩය. නදුන් ලී ගාමින් සිටිය දී ඉඩෝරයා මැෂිම අස්සට රිංගා ගත්තේ ඇසිල්ලෙනි.

‘අයියෝ මගේ ඉඩෝරයා’ කලබල වූ ධර්මේ එසැනින් දකුණත දමා බල්ලා එළියට ගන්නට උත්සාහ කළා පමණි. පැයට සැතපුම් සිය ගණනක වේගයෙන් කැරකෙමින් තිබූ තියුණු තලයට දකුණතේ ඇඟිලි හසුවී කැපී ගියේය.

ඇඟිලි තුනක්ම ලේ සමග බිම පතිත විය. වැඩපළේ ගෝලයන් ද අහළ පහළ අය ද එක්ව ඔහුව රෝහලට ගෙන ගියේ ඇසිල්ලෙනි.

‘‘මොකද අන්කල් කරගත්තේ’ රෝහල් වෛද්‍යවරිය ඇසුවේ ප‍්‍රතිකාර අතරතුරය.

‘නෝනා…. ඒ මගේ පණ. බල්ලගේ ජීවිතේ බේරුණානේ. මට ඒක සැනසීමක්’’ සිද්ධිය විස්තර කළ ධර්මේ බාස් හිනැහුණේ ඇඟිලි තුනක් අහිමිව තිබියදී ය.

  • පේ‍්‍රම්
advertistmentadvertistment
advertistmentadvertistment